ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

අත්ත වග්ගය

ගාථා අංක #157

අත්තානං චේ පියං ජඤ්ඤා - රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං

තිණ්ණමඤ්ඤතරං යාමං - පටිජග්ගෙය්‍ය පණ්ඩිතෝ

තමන් තමන්ට ආදරෙයි නම් තමන්ව හොඳට රැකගන්න ඕනේ (පව් වලින්). නුවණැත්තා යොවුන්, මැදි, මහලු කියන වයස් තුනෙන් එකකදීවත් යහපතේ යෙදෙන්න ඕනේ.

ගාථා අංක #158

අත්තානමේව පඨමං - පතිරූපේ නිවේසයේ

අථඤ්ඤමනුසාසෙය්‍ය - න කිලිස්සෙය්‍ය පණ්ඩිතෝ

මුලින්ම තමන් හැදිලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අනුන්ට උපදෙස් දෙන්න ඕනේ. එතකොට නුවණැත්තාට අපහාස විඳින්න වෙන්නේ නෑ.

ගාථා අංක #159

අත්තානං චේ තථා කයිරා - යථඤ්ඤමනුසාසති

සුදන්තෝ වත දමේථ - අත්තා හි කිර දුද්දමෝ

අනුන්ට අවවාද කරන විදියටම තමන් හැසිරෙනවා නම්, අන්න එයාට පුළුවන් අනුන්ව දමනය කරන්න. මොකද තමන්ව දමනය කරගන්න එක හරි අමාරුයි.

ගාථා අංක #160

අත්තා හි අත්තනෝ නාථෝ - කෝ හි නාථෝ පරෝ සියා

අත්තනා හි සුදන්තේන - නාථං ලභති දුල්ලභං

තමන්ට පිහිට තමන්මයි. වෙන කවුරු පිහිට වෙන්නද? තමන් හොඳට දමනය වුනාම තමයි (රහත් බව නමැති) ලබාගන්න අමාරු පිහිට ලැබෙන්නේ.

ගාථා අංක #161

අත්තනා ව කතං පාපං - අත්තජං අත්තසම්භවං

අභිමන්ථති දුම්මේධං - වජිරං වස්මමයං මණිං

තමන් කරන පව්, තමන්ගෙන්ම උපන් දේවල්. ඒ පව් අඥානයාව විනාශ කරනවා. හරියට තමන්ගෙන්ම හැදුණ දියමන්තිය මැණික විදිනවා වගේ.

ගාථා අංක #162

යස්ස අච්චන්තදුස්සීල්‍යං - මාලුවා සාලමිවෝතතං

කරෝති සෝ තථත්තානං - යථා නං ඉච්ඡතී දිසෝ

ගසක් වසා ගත් මාලුවා වැලක් වගේ යමෙක් සිල් බිඳගත්තොත්, හතුරෙක් එයාට විනාශයක් වෙනවා දකින්න කැමති වගේම එයා තමන්ව විනාශ කරගන්නවා.

ගාථා අංක #163

සුකරානි අසාධූනි - අත්තනෝ අහිතානි ච

යං වේ හිතඤ්ච සාධුඤ්ච - තං වේ පරමදුක්කරං

නරක වැඩ, තමන්ට අහිතකර වැඩ කරන එක හරි ලේසියි. ඒත් යහපත් වැඩ, හිතකර වැඩ කරන එක තමයි අමාරුම.

ගාථා අංක #164

යෝ සාසනං අරහතං - අරියානං ධම්මජීවිනං

පටික්කොසති දුම්මේධෝ - දිට්ඨිං නිස්සාය පාපිකං

ඵලානි කට්ඨකස්සේව - අත්තඝඤ්ඤාය ඵල්ලති

යම් අඥානයෙක් මිසදිටු අරගෙන රහතන් වහන්සේලාට, දැහැමි ආර්යයන් වහන්සේලාට බාධා කරනවා නම්, උණ ගසේ ගෙඩි හැදෙන්නේ ගහ මැරෙන්න වගේ එයා විනාශ වෙලා යනවා.

ගාථා අංක #165

අත්තනා ව කතං පාපං - අත්තනා සංකිලිස්සති

අත්තනා අකතං පාපං - අත්තනා ව විසුජ්ඣති

සුද්ධි අසුද්ධි පච්චත්තං - නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේ

පව් කරලා කිලිටි වෙන්නේ තමන්මයි. පව් නොකර පිරිසිදු වෙන්නෙත් තමන්මයි. පිරිසිදු බව හෝ අපිරිසිදු බව තියෙන්නේ තමන් අතේ. වෙන කෙනෙකුට තව කෙනෙක්ව සුද්ද කරන්න බැහැ.

ගාථා අංක #166

අත්තදත්ථං පරත්ථේන - බහුනාපි න හාපයේ

අත්තදත්ථමභිඤ්ඤාය - සදත්ථපසුතෝ සියා

අනුන්ට කොච්චර වැඩ තිබුණත්, තමන්ගේ යහපත (නිවන් මග) මගහරින්න එපා. තමන්ගේ යහපත අඳුරගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙන්න.