📜 බුදුරජාණන් වහන්සේ
මාගන්ධියා බැමිණිය මිනිසුන් ලවා බුදුරදුන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින විට, ආනන්ද තෙරුන් වෙනත් නගරයකට යමු යැයි යෝජනා කළේය. බුදුරදුන් එය ප්‍රතික්ෂේප කරමින් ඉවසීමේ ගුණය ගැන වදාළ සේක.
ඩිජිටල් පුස්තකාලය
අහං නාගෝව සංගාමේ - චාපාතෝ පතිතං සරං
අතිවාක්‍යං තිතික්ඛිස්සං - දුස්සීලෝ හි බහුජ්ජනෝ
යුද්ධෙදි ඇතෙක් ඊතල පහරවල් ඉවසනවා වගේ, මම නින්දා අපහාස ඉවසනවා. මොකද ලෝකේ ගොඩක් අය දුස්සීලයි (ගුණ යහපත් නෑ).
දන්තං නයන්ති සමිතිං - දන්තං රාජාභිරූහති
දන්තෝ සෙට්ඨෝ මනුස්සේසු - යෝතිවාක්‍යං තිතික්ඛති
හික්මුණ ඇතාව සභාවට ගේනවා. රජතුමා යන්නේ හික්මුණ ඇතෙක් පිටේ. මිනිස්සු අතරිනුත් නින්දා අපහාස ඉවසන, හික්මුණ කෙනා තමයි ශ්‍රේෂ්ඨ.
වරමස්සතරා දන්තා - ආජානීය්‍යා ච සන්ධවා
කුඤ්ජරා ච මහානාගා - අත්තදන්තෝ තතෝ වරං
හික්මුණ අශ්වයෝ උතුම්. මහා ඇත්තු උතුම්. ඒ හැමෝටම වඩා තමන්ව දමනය කරගත්ත කෙනා උතුම්.
න හි ඒතේහි යානේහි - ගච්ඡේය්‍ය අගතං දිසං
යථාත්තනා සුදන්තේන - දන්තෝ දන්තේන ගච්ඡති
සත්තු පිටේ ගිහින් කවදාවත් නොගිය දිසාවට (නිවනට) යන්න බෑ. ඒත් තමන්ව දමනය කරගත්තොත් එතනට යන්න පුළුවන්.
ධනපාලකෝ නාම කුඤ්ජරෝ - කටුකභේදනෝ දුන්නිවාරයෝ
බද්ධෝ කබළං න භුඤ්ජති - සුමරති නාගවනස්ස කුඤ්ජරෝ
මද කිපිලා දම්වැලෙන් බැඳලා ඉන්න 'ධනපාල' ඇතා කෑම කන්නේ නෑ. ඌ කැලේ ඉන්න අම්මව (ඇත්දෙන්නව) මතක් කරනවා.
මිද්ධී යදා හෝති මහග්ඝසෝ ච - නිද්දායිතා සම්පරිවත්තසායී
මහාවරාහෝව නිවාපපුට්ඨෝ - පුනප්පුනං ගබ්භමුපේති මන්දෝ
කම්මැලියා බඩ පිරෙන්න කාලා, ඌරෙක් වගේ පෙරලි පෙරලි නිදාගන්නවා. ඒ මෝඩයා ආයේ ආයේ මව් කුසක උපදිනවා.
ඉදං පුරේ චිත්තමචාරි චාරිකං - යේනිච්ඡකං යත්ථකාමං යථාසුඛං
තදජ්ජහං නිග්ගහෙස්සාමි යෝනිසෝ - හත්ථිප්පභින්නං විය අංකුසග්ගාහෝ
ඉස්සර මගේ හිත හිතුන හිතුන තැන ගියා. ඒත් මද කිපුන ඇතෙක්ව හෙණ්ඩුවෙන් පාලනය කරනවා වගේ, අද මම මගේ හිත නුවණින් පාලනය කරගන්නවා.
අප්පමාදරතා හෝථ - සචිත්තමනුරක්ඛථ
දුග්ගා උද්ධරථත්තානං - පංකේ සන්නෝව කුඤ්ජරෝ
ප්‍රමාද වෙන්න එපා. තමන්ගේ සිත රැකගන්න. මඩේ එරුණ ඇතෙක් ගොඩ එනවා වගේ, කෙලෙස් මඩෙන් ගොඩ එන්න.
සචේ ලභේථ නිපකං සහායං - සද්ධිංචරං සාධුවිහාරිධීරං
අභිබුය්‍ය සබ්බානි පරිස්සයානි - චරෙය්‍ය තේනත්තමනෝ සතීමා
යහපත්, නුවණැති යාළුවෙක් ලැබුණොත්, සතුටින් සිහියෙන් එයා එක්ක ඉන්න. එතකොට හැම කරදරයක්ම දිනන්න පුළුවන්.
නෝ චේ ලභේථ නිපකං සහායං - සද්ධිංචරං සාධුවිහාරිධීරං
රාජාව රට්ඨං විජිතං පහාය - ඒකෝ චරේ මාතංගරඤ්ඤේව නාගෝ
යහපත් යාළුවෙක් ලැබුණේ නැත්නම්, රට අතහැරලා යන රජෙක් වගේ, කැලේ යන ඇතෙක් වගේ තනියම යන්න.
ඒකස්ස චරිතං සෙය්‍යෝ - නත්ථි බාලේ සහායතා
ඒකෝ චරේ න ච පාපානි කයිරා - අප්පොස්සුක්කෝ මාතංගරඤ්ඤේව නාගෝ
තනියම ඉන්න එක උතුම්. මෝඩයෝ එක්ක යාළුකම් එපා. කැලේ ඉන්න ඇතා වගේ පව් නොකර තනියම ඉන්න.
අත්ථම්හි ජාතම්හි සුඛා සහායා - තුට්ඨී සුඛා යා ඉතරීතරේන
පුඤ්ඤං සුඛං ජීවිතසංඛයම්හි - සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහාණං
වැඩක් වුනාම යාළුවෝ ඉන්න එක සැපක්. තියෙන දෙයකින් සතුටු වෙන එක සැපක්. මැරෙන වෙලාවට පින සැපක්. හැම දුකක්ම නැති කරන එක (නිවන) තමයි ලොකුම සැප.
සුඛා මත්තෙය්‍යතා ලෝකේ - අථෝ පෙත්තෙය්‍යතා සුඛා
සුඛා සාමඤ්ඤතා ලෝකේ - අථෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා
අම්මාට සැලකීම සැපක්. තාත්තාට සැලකීම සැපක්. ශ්‍රමණවරුන්ට සැලකීම සැපක්. බ්‍රාහ්මණයන්ට (රහතුන්ට) සැලකීම සැපක්.
සුඛං යාව ජරා සීලං - සුඛා සද්ධා පතිට්ඨිතා
සුඛෝ පඤ්ඤාය පටිලාභෝ - පාපානං අකරණං සුඛං
නාකි වෙනකල් සිල් රැකීම සැපක්. පිහිටපු ශ්‍රද්ධාව සැපක්. ප්‍රඥාව ලැබීම සැපක්. පව් නොකර ඉන්න එක සැපක්.