📜 සුන්දරී පරිබ්රාජිකාව
බුදුරදුන්ට අපහාස කිරීමට බොරු චෝදනා කළ සුන්දරී පරිබ්රාජිකාව සහ ඊට උදව් කළ පිරිස නිරයේ උපන් බව වදාළ සේක.
ඩිජිටල් පුස්තකාලය
අභූතවාදී නිරයං උපේති - යෝ වාපි කත්වා න කරෝමීති චාහ
උභෝපි තේ පෙච්ච සමා භවන්ති - නිහීනකම්මා මනුජා පරත්ථ
බොරු කියන කෙනා නිරයේ උපදිනවා. කරලත් නෑ කියන කෙනාත් නිරයේ උපදිනවා. පහත් වැඩ කරන ඒ දෙන්නම මැරුණට පස්සේ සමානයි.
කාසාවකණ්ඨා බහවෝ - පාපධම්මා අසඤ්ඤතා
පාපා පාපේහි කම්මේහි - නිරයං තේ උපපජ්ජරේ
කහ සිවුරක් බෙල්ලේ දාගත්තට, පව් කරන, අසංවර ගොඩක් අය ඉන්නවා. ඒ පව්කාරයෝ ඒ පව් නිසාම නිරයේ උපදිනවා.
සෙය්‍යෝ අයෝගුළෝ භුත්තෝ - තත්තෝ අග්ගිසිඛූපමෝ
යඤ්චේ භුඤ්ජෙය්‍ය දුස්සීලෝ - රට්ඨපිණ්ඩං අසඤ්ඤතෝ
සිල් නැති, අසංවර කෙනා රටේ මිනිස්සු දෙන දානය (රටේ බත්) කනවට වඩා, ගිනිගෙන රත් වුන යකඩ ගුලියක් කන එක හොඳයි.
චත්තාරි ඨානානි නරෝ පමත්තෝ - ආපජ්ජති පරදාරූපසේවී
අපුඤ්ඤලාභං න නිකාමසෙය්‍යං - නින්දං තතියං නිරයං චතුත්ථං
අනුන්ගේ බිරින්දෑවරු එක්ක යන පමා වුන මිනිහට දේවල් හතරක් වෙනවා. පව් සිද්ධ වෙනවා. සැප නින්දක් නෑ. නින්දා ලැබෙනවා. හතරවෙනි එක, නිරයේ උපදිනවා.
අපුඤ්ඤලාභෝ ච ගතී ච පාපිකා - භීතස්ස භීතාය රතී ච ථෝකිකා
රාජා ච දණ්ඩං ගරුකං පණේති - තස්මා නරෝ පරදාරං න සේවේ
පව් පිරෙනවා. නරක උපතක් ලැබෙනවා. බයෙන් බයෙන් ඉන්න නිසා සතුට පොඩ්ඩයි. රජාගෙන් ලොකු දඬුවම් ලැබෙනවා. ඒ නිසා පරදාර සේවනයේ යෙදෙන්න එපා.
කුසෝ යථා දුග්ගහිතෝ - හත්ථමේවානුකන්තති
සාමඤ්ඤං දුප්පරාමට්ඨං - නිරයායූපකඩ්ඪති
තණකොළ (කුස තණ) වැරදියට ඇල්ලුවොත් අත කැපෙනවා. ඒ වගේ මහණකම වැරදියට කළොත් (සිල් රැක්කේ නැත්නම්) ඒක එයාව නිරයට ඇදලා දානවා.
යං කිඤ්චි සිථිලං කම්මං - සංකිලිිට්ඨඤ්ච යං වතං
සංකස්සරං බ්‍රහ්මචරියං - න තං හෝති මහප්ඵලං
කම්මැලිව කරන වැඩ, කිලිටි වෘත, සැක සහිත මහණකම... මේවායේ ලොකු ප්‍රතිඵලයක් (මහත් ඵලයක්) නෑ.
කයිරඤ්චේ කයිරාථේනං - දළ්හමේනං පරක්කමේ
සිථිලෝ හි පරිබ්බාජෝ - භිය්‍යෝ ආකිරතේ රජං
කරනවා නම් හරියට කරන්න. දැඩි වීර්යයෙන් කරන්න. කම්මැලි පැවිද්දා ගොඩක් කෙලෙස් (දූවිලි) එකතු කරගන්නවා.
අකතං දුක්කටං සෙය්‍යෝ - පච්ඡා තප්පති දුක්කටං
කතඤ්ච සුකටං සෙය්‍යෝ - යං කත්වා නානුතප්පති
නරක වැඩ නොකර ඉන්න එක තමයි හොඳ. මොකද කරලා ඉවර වුනාම පසුතැවෙන්න වෙනවා. හොඳ වැඩ කරන එක තමයි හොඳ. මොකද කළාට පස්සේ පසුතැවෙන්න වෙන්නේ නෑ.
නගරං යථා පච්චන්තං - ගුත්තං සන්තරබාහිරං
ඒවං ගෝපේථ අත්තානං - ඛණෝ වෝ මා උපච්චගා
ඛණාතීතා හි සෝචන්ති - නිරයම්හි සමප්පිතා
මායිම් නගරයක් ඇතුලයි පිටයි දෙකම රකිනවා වගේ, තමන්ව රැකගන්න. ලැබුණ අවස්ථාව මගහරගන්න එපා. අවස්ථාව මගහැරුණ අය නිරයට වැටිලා දුක් වෙනවා.
අලජ්ජිතායේ ලජ්ජන්ති - ලජ්ජිතායේ න ලජ්ජරේ
මිච්ඡාදිට්ඨිසමාදානා - සත්තා ගච්ඡන්ති දුග්ගතිං
ලජ්ජා නොවිය යුතු දේට ලජ්ජා වෙන (පින් කරන්න ලජ්ජා වෙන), ලජ්ජා විය යුතු දේට ලජ්ජා නොවෙන (පව් කරන්න ලජ්ජා නැති), මිසදිටු ගත්ත අය දුගතියට යනවා.
අභයේ භයදස්සිනෝ - භයේ චාභයදස්සිනෝ
මිච්ඡාදිට්ඨිසමාදානා - සත්තා ගච්ඡන්ති දුග්ගතිං
බය නැති දේට (නිවනට) බය වෙන, බය විය යුතු දේට (සසරට) බය නැති, මිසදිටු ගත්ත අය දුගතියට යනවා.
අවජ්ජේ වජ්ජමතිනෝ - වජ්ජේ චාවජ්ජදස්සිනෝ
මිච්ඡාදිට්ඨිසමාදානා - සත්තා ගච්ඡන්ති දුග්ගතිං
වරදක් නැති දේ වරදක් විදියට දකින, වැරදි දේ හරි විදියට දකින, මිසදිටු ගත්ත අය දුගතියට යනවා.
වජ්ජඤ්ච වජ්ජතෝ ඤත්වා - අවජ්ජඤ්ච අවජ්ජතෝ
සම්මාදිට්ඨිසමාදානා - සත්තා ගච්ඡන්ති සුග්ගතිං
වැරදි දේ වැරදි විදියටත්, නිවැරදි දේ නිවැරදි විදියටත් දකින, සම්මා දිට්ඨිය ගත්ත අය සුගතියට යනවා.