ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

පණ්ඩිත වග්ගය

ගාථා අංක #76

නිධීනංව පවත්තාරං - යං පස්සේ වජ්ජදස්සිනං

නිග්ගය්හවාදිං මේධාවිං - තාදිසං පණ්ඩිතං භජේ

තාදිසං භජමානස්ස - සෙය්‍යෝ හෝති න පාපියෝ

තමන්ගේ වැරදි පෙන්නලා දෙන, නිධානයක් පෙන්නනවා වගේ අවවාද කරන නුවණැත්තාව ඇසුරු කරන්න ඕනේ. එහෙම කෙනෙක්ව ඇසුරු කළොත් යහපතක් මිසක් අයහපතක් වෙන්නේ නැහැ.

ගාථා අංක #77

ඕවදෙය්‍ය අනුසාසෙය්‍ය - අසබ්භා ච නිවාරයේ

සතං හි සෝ පියෝ හෝති - අසතං හෝති අප්පියෝ

අවවාද කරන, අනුශාසනා කරන, පව් වැඩ වලින් වළක්වන කෙනාට සත්පුරුෂයෝ කැමතියි. අසත්පුරුෂයෝ අකමැතියි.

ගාථා අංක #78

න භජේ පාපකේ මිත්තේ - න භජේ පුරිසාධමේ

භජේථ මිත්තේ කල්‍යාණේ - භජේථ පුරිසුත්තමේ

පාප මිත්‍රයන්ව ආශ්‍රය කරන්න එපා. අධම මිනිස්සුන්ව ආශ්‍රය කරන්න එපා. කල්‍යාණ මිත්‍රයන්ව ආශ්‍රය කරන්න. උතුම් මිනිස්සුන්ව ආශ්‍රය කරන්න.

ගාථා අංක #79

ධම්මපීතී සුඛං සේති - විප්පසන්නේන චේතසා

අරියප්පවේදිතේ ධම්මේ - සදා රමති පණ්ඩිතෝ

ධර්මය බීපු කෙනා (අවබෝධ කරගත් කෙනා) පහන් සිතින් සුවසේ නිදාගන්නවා. නුවණැත්තා හැමතිස්සෙම ආර්යයන් වහන්සේලා දේශනා කළ ධර්මයේ ඇලෙනවා.

ගාථා අංක #80

උදකං හි නයන්ති නෙත්තිකා - උසුකාරා නමයන්ති තේජනං

දාරුං නමයන්ති තච්ඡකා - අත්තානං දමයන්ති පණ්ඩිතා

වතුර ගෙන යන අය වතුර ගෙන යනවා. ඊතල හදන අය ඊතල කෙලින් කරනවා. වඩු බාස්ලා ලී නවනවා. නුවණැත්තෝ තමන්ව දමනය කරගන්නවා.

ගාථා අංක #81

සේලෝ යථා ඒකඝනෝ - වාතේන න සමීරති

ඒවං නින්දාපසංසාසු - න සමිඤ්ජන්ති පණ්ඩිතා

තනි ගලින් හැදුව පර්වතයක් හුළඟට හෙලවෙන්නේ නෑ වගේ, නුවණැත්තෝ නින්දාවෙදිත් ප්‍රශංසාවෙදිත් කම්පා වෙන්නේ නැහැ.

ගාථා අංක #82

යථාපි රහදෝ ගම්භීරෝ - විප්පසන්නෝ අතාවිලෝ

ඒවං ධම්මානි සුත්වාන - විප්පසීදන්ති පණ්ඩිතා

ගැඹුරු විලක් හරිම නිසලයි, පැහැදිලියි. ඒ වගේ නුවණැත්තෝ බණ අහලා (සිතින්) පැහැදෙනවා (නිවෙනවා).

ගාථා අංක #83

සබ්බත්ථ වේ සප්පුරිසා චජන්ති - න කාමකාමා ලපයන්ති සන්තෝ

සුඛේන ඵුට්ඨා අථ වා දුක්ඛේන - න උච්චාවචං පණ්ඩිතා දස්සයන්ති

සත්පුරුෂයෝ හැම දේම අතහරිනවා. රහතන් වහන්සේලා කාමයන් ගැන කතා කරන්නේ නැහැ. සැප ලැබුනත් දුක ලැබුනත් නුවණැත්තෝ උඩඟු වෙන්නෙවත් වැටෙන්නෙවත් නැහැ.

ගාථා අංක #84

න අත්තහේතු න පරස්ස හේතු - න පුත්තමිච්ඡේ න ධනං න රට්ඨං

න ඉච්ඡෙය්‍ය අධම්මේන සමිද්ධිමත්තනෝ - ස සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා

තමන් වෙනුවෙන් වත්, අනුන් වෙනුවෙන් වත් පව් කරන්න එපා. දරුවන්, ධනය, රට රාජ්‍යය අධර්මයෙන් පතන්න එපා. තමන්ගේ දියුණුව අධර්මයෙන් පතන්න එපා. එයා තමයි සිල්වතා, නුවණැත්තා, දැහැමි කෙනා.

ගාථා අංක #85

අප්පකා තේ මනුස්සේසු - යේ ජනා පාරගාමිනෝ

අථායං ඉතරා පජා - තීරමේවානුධාවති

මිනිස්සු අතරින් එතෙරට (නිවනට) යන අය හරිම ටිකයි. අනිත් වැඩි දෙනා මේ ඉවුරේම (සංසාරයේම) දුව දුව ඉන්නවා.

ගාථා අංක #86

යේ ච ඛෝ සම්මදක්ඛාතේ - ධම්මේ ධම්මානුවත්තිනෝ

තේ ජනා පාරමෙස්සන්ති - මච්චුධෙය්‍යං සුදුත්තරං

යමෙක් මැනවින් දේශනා කළ ධර්මයේ හැසිරෙනවා නම්, තරණය කරන්න අමාරු මාරයාගේ විෂය (සසර) ඉක්මවා ඔවුන් එතෙරට යනවා.

ගාථා අංක #87

කණ්හං ධම්මං විප්පහාය - සුක්කං භාවේථ පණ්ඩිතෝ

ඕකා අනෝකමාගම්ම - විවේකේ යත්ථ දූරමං

නුවණැත්තා කළු ධර්ම (අකුසල්) අතහැරලා, ගිහි ගෙයින් නික්මී, අමාරු වුනත් විවේකය (නිවන) ඇති සුදු ධර්ම (කුසල්) වඩන්න ඕනේ.

ගාථා අංක #88

තත්‍රාභිරතිමිච්ඡෙය්‍ය - හිත්වා කාමේ අකිඤ්චනෝ

පරියෝදපෙය්‍ය අත්තානං - චිත්තක්ලීසේහි පණ්ඩිතෝ

කාමයන් අතහැරලා, කිසිවක් නැති වෙලා, හිතේ කෙලෙස් සුද්ද කරගෙන, ඒ විවේකයට (නිවනට) කැමති වෙන්න ඕනේ.

ගාථා අංක #89

යේසං සම්බෝධියංගේසු - සම්මා චිත්තං සුභාවිතං

ආදානපටිනිස්සග්ගේ - අනුපාදාය යේ රතා

ඛීණාසවා ජුතිමන්තෝ - තේ ලෝකේ පරිනිබ්බුතා

යම් කෙනෙක් බොජ්ඣංග ධර්ම හොඳින් වැඩුවා නම්, උපාදාන අතහැරලා නිදහස් වුනා නම්, ඒ ආශ්‍රව ක්ෂය කළ රහතන් වහන්සේලා ලෝකයේ පිරිනිවන් පානවා.