ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

පුප්ඵ වග්ගය

ගාථා අංක #44

කෝ ඉමං පඨවිං විජෙස්සති - යමලෝකඤ්ච ඉමං සදේවකං

කෝ ධම්මපදං සුදේසිතං - කුසලෝ පුප්ඵමිව පචෙස්සති

මේ පොළොව ජයගන්නේ කවුද? යමලොව සහ දෙව්ලොව ජයගන්නේ කවුද? දක්ෂ මල් කාරයෙක් මල් නෙලනවා වගේ, මේ දේශනා කළ ධර්මය අවබෝධ කරගන්නේ කවුද?

ගාථා අංක #45

සේඛෝ පඨවිං විජෙස්සති - යමලෝකඤ්ච ඉමං සදේවකං

සේඛෝ ධම්මපදං සුදේසිතං - කුසලෝ පුප්ඵමිව පචෙස්සති

හික්මෙන ආර්ය ශ්‍රාවකයා මේ පොළොව ජයගන්නවා. යමලොව සහ දෙව්ලොව ජයගන්නවා. දක්ෂ මල් කාරයෙක් මල් නෙලනවා වගේ, ඔහු ධර්මය අවබෝධ කරගන්නවා.

ගාථා අංක #46

ඵේණූපමං කායමිමං විදිත්වා - මරීචිධම්මං අභිසම්බුධානෝ

ඡෙත්වාන මාරස්ස පපුප්ඵකානි - අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ

මේ ශරීරය පෙණ පිඬක් වගේ කියලා දැනගෙන, මිරිඟුවක් වගේ කියලා අවබෝධ කරගෙන, කෙලෙස් මල් කපා දාලා, මාරයාට නොපෙනී නිවනට යන්න ඕනේ.

ගාථා අංක #47

පුප්ඵානි හේව පචිනන්තං - ව්‍යාසත්තමනසං නරං

සුත්තං ගාමං මහෝඝෝව - මච්චු ආදාය ගච්ඡති

මල් නෙලන කෙනෙක් වගේ පස්කම් සැප හොය හොය, ඒකෙම ඇලිලා ඉන්න කෙනාව, නිදාගෙන ඉන්න ගමක් වතුරට ගහගෙන යනවා වගේ මරණය විසින් අරගෙන යනවා.

ගාථා අංක #48

පුප්ඵානි හේව පචිනන්තං - ව්‍යාසත්තමනසං නරං

අතිත්තඤ්ඤේව කාමේසු - අන්තකෝ කුරුතේ වසං

මල් නෙලන කෙනෙක් වගේ පස්කම් සැප හොය හොය, ආශාවන්ගෙන් තෘප්තිමත් නොවී ඉන්න කෙනාව, මරණය විසින් තමන්ගේ වසඟයට ගන්නවා.

ගාථා අංක #49

යථාපි භමරෝ පුප්ඵං - වණ්ණගන්ධමහේඨයං

පලේති රසමාදාය - ඒවං ගාමේ මුනී චරේ

බඹරා මලටවත්, මලේ පාටටවත්, සුවඳටවත් හානියක් නොකර පැණි විතරක් අරගෙන යනවා වගේ, මුනිවරයා (භික්ෂුව) ගමේ හැසිරෙන්න ඕනේ.

ගාථා අංක #50

න පරේසං විලෝමානි - න පරේසං කතාකතං

අත්තනෝ ව අවෙක්ඛෙය්‍ය - කතානි අකතානි ච

අනුන්ගේ වැරදි බලන්න එපා. අනුන් කළ නොකළ දේ බලන්න එපා. තමන් කළ දේ සහ නොකළ දේ ගැන විතරක් හොයලා බලන්න.

ගාථා අංක #51

යථාපි රුචිරං පුප්ඵං - වණ්ණවන්තං අගන්ධකං

ඒවං සුභාසිතා වාචා - අඵලා හෝති අකුබ්බතෝ

ලස්සන වුනාට සුවඳ නැති මලක් වගේ, ක්‍රියාවෙන් නැති යහපත් වචනයත් (බණත්) ලස්සන වුනාට පලක් නැහැ.

ගාථා අංක #52

යථාපි රුචිරං පුප්ඵං - වණ්ණවන්තං සගන්ධකං

ඒවං සුභාසිතා වාචා - සඵලා හෝති සකුබ්බතෝ

ලස්සන වගේම සුවඳ තියෙන මලක් වගේ, ක්‍රියාවෙන් කරන යහපත් වචනය (බණ) හරිම ලස්සනයි, ප්‍රතිඵල තියෙනවා.

ගාථා අංක #53

යථාපි පුප්ඵරාසිම්හා - කයිරා මාලාගුණේ බහූ

ඒවං ජාතේන මච්චේන - කත්තබ්බං කුසලං බහුං

මල් ගොඩකින් මල් මාලා ගොඩක් හදනවා වගේ, ඉපදුන මනුෂ්‍යයා විසින් බොහෝ පින් කරගන්න ඕනේ.

ගාථා අංක #54

න පුප්ඵගන්ධෝ පටිවාතමේති - න චන්දනං තගරමල්ලිකා වා

සතඤ්ච ගන්ධෝ පටිවාතමේති - සබ්බා දිසා සප්පුරිසෝ පවායති

මල් සුවඳ හුළඟට විරුද්ධව යන්නේ නැහැ. සඳුන්, තගර, මල්ලිගා සුවඳත් එහෙමයි. ඒත් සත්පුරුෂයන්ගේ (සිල් සුවඳ) හුළඟට විරුද්ධවත් යනවා. සිල්වතා හැම දිසාවම සුවඳවත් කරනවා.

ගාථා අංක #55

චන්දනං තගරං වාපි - උප්පලං අථ වස්සිකී

ඒතේසං ගන්ධජාතානං - සීලගන්ධෝ අනුත්තරෝ

සඳුන්, තගර, මහනෙල්, වස්සිකා කියන හැම සුවඳකටම වඩා සීලයේ සුවඳ තමයි උතුම්ම සුවඳ.

ගාථා අංක #56

අප්පමත්තෝ අයං ගන්ධෝ - යායං තගරචන්දනී

යෝ ච සීලවතං ගන්ධෝ - වාති දේවේසු උත්තමෝ

තගර සඳුන් සුවඳ හරිම පොඩ්ඩයි. ඒත් සිල්වතුන්ගේ සුවඳ ඊට වඩා බලවත්. ඒක දෙවියන් අතරත් හමනවා.

ගාථා අංක #57

තේසං සම්පන්නසීලානං - අප්පමාදවිහාරිනං

සම්මදඤ්ඤා විමුත්තානං - මාරෝ මග්ගං න වින්දති

සිල්වත්, අප්‍රමාදීව වාසය කරන, මැනවින් දැනගෙන (රහත් වී) නිදහස් වුන අය යන පාර මාරයා දකින්නේ නැහැ.

ගාථා අංක #58

යථා සංකාරධානස්මිං - උජ්ඣිතස්මිං මහාපථේ

පදුමං තත්ථ ජායේථ - සුචිගන්ධං මනෝරමං

මහ පාරේ දාලා තියෙන කුණු ගොඩක වුනත් හරිම සුවඳ, ලස්සන නෙලුම් මලක් පිපෙන්න පුළුවන්.

ගාථා අංක #59

ඒවං සංකාරභූතේසු - අන්ධභූතේ පුථුජ්ජනේ

අතිරෝචති පඤ්ඤාය - සම්මාසම්බුද්ධසාවකෝ

ඒ වගේම තමයි කුණු ගොඩක් වගේ ඉන්න අන්ධ පෘතග්ජන මිනිස්සු අතරේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ප්‍රඥාවෙන් බබළනවා.