ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

සහස්ස වග්ගය

ගාථා අංක #100

සහස්සමපි චේ වාචා - අනත්ථපදසංහිතා

ඒකං අත්ථපදං සෙය්‍යෝ - යං සුත්වා උපසම්මති

වැඩකට නැති වචන දාහක් කිව්වත් වැඩක් නෑ. යමක් අහලා සිත නිවෙනවා නම්, ඒ එක වචනයක් වුනත් වටිනවා.

ගාථා අංක #101

සහස්සමපි චේ ගාථා - අනත්ථපදසංහිතා

ඒකං ගාථාපදං සෙය්‍යෝ - යං සුත්වා උපසම්මති

වැඩකට නැති ගාථා දාහක් කිව්වත් වැඩක් නෑ. යමක් අහලා සිත නිවෙනවා නම්, ඒ එක ගාථා පදයක් වුනත් වටිනවා.

ගාථා අංක #102

යෝ ච ගාථාසතං භාසේ - අනත්ථපදසංහිතා

ඒකං ධම්මපදං සෙය්‍යෝ - යං සුත්වා උපසම්මති

වැඩකට නැති ගාථා සියයක් කිව්වත් වැඩක් නෑ. යමක් අහලා සිත නිවෙනවා නම්, ඒ එක ධර්ම පදයක් වුනත් වටිනවා.

ගාථා අංක #103

යෝ සහස්සං සහස්සේන - සංගාමේ මානුසේ ජිනේ

ඒකඤ්ච ජෙය්‍යමත්තානං - ස වේ සංගාමජුත්තමෝ

යුද්ධයකදී මිනිස්සු දහස් ගාණක් පැරැද්දුවත් වැඩක් නෑ. යමෙක් තමන්ගේ සිත දිනා ගන්නවා නම්, ඔහු තමයි නියම ජයග්‍රාහකයා.

ගාථා අංක #104

අත්තා හවේ ජිතං සෙය්‍යෝ - යා චායං ඉතරා පජා

අත්තදන්තස්ස පෝසස්ස - නිච්චං සඤ්ඤතචාරිනෝ

අනුන්ව දිනනවාට වඩා තමන්ව දිනන එක උතුම්. තමන්ව දමනය කරගත්, සංවර පුද්ගලයා ශ්‍රේෂ්ඨයි.

ගාථා අංක #105

නේව දේවෝ න ගන්ධබ්බෝ - න මාරෝ සහ බ්‍රහ්මුනා

ජිතං අපජිතං කයිරා - තථාරූපස්ස ජන්තුනෝ

තමන්ව දිනපු කෙනාගේ ජයග්‍රහණය ආපහු පරාජයක් කරන්න දෙවියෙක්ටවත්, ගන්ධබ්බයෙක්ටවත්, මාරයාටවත්, බ්‍රහ්මයාටවත් බැහැ.

ගාථා අංක #106

මාසේ මාසේ සහස්සේන - යෝ යජේථ සතං සමං

ඒකඤ්ච භාවිතත්තානං - මුහුත්තමපි පූජයේ

සා ඒව පූජනා සෙය්‍යෝ - යඤ්චේ වස්සසතං හුතං

අවුරුදු සියයක් තිස්සේ මාසයක් ගානේ දහසක් වියදම් කරලා යාග කළත්, සිත දියුණු කළ උතුමෙක්ට එක මොහොතක් වැන්දත්, ඒ වැඳීම අර යාගයට වඩා වටිනවා.

ගාථා අංක #107

යෝ ච වස්සසතං ජන්තු - අග්ගිං පරිචරේ වනේ

ඒකඤ්ච භාවිතත්තානං - මුහුත්තමපි පූජයේ

සා ඒව පූජනා සෙය්‍යෝ - යඤ්චේ වස්සසතං හුතං

අවුරුදු සියයක් කැලේ ඉඳන් ගිනි දෙවියන් පිදුවත්, සිත දියුණු කළ උතුමෙක්ට එක මොහොතක් වැන්දත්, ඒ වැඳීම අර පූජාවට වඩා වටිනවා.

ගාථා අංක #108

යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලෝකේ - සංවච්ඡරං යජේථ පුඤ්ඤපෙක්ඛෝ

සබ්බම්පි තං න චතුභාගමේති - අභිවාදනා උජ්ජුගතේසු සෙය්‍යෝ

පින් බලාපොරොත්තුවෙන් අවුරුද්දක් තිස්සේ ලෝකේ මොන යාග කළත්, සෘජු ගුණ ඇති (රහතන් වහන්සේලාට) කරන වන්දනාවෙන් හතරෙන් පංගුවක්වත් ඒ පින් වටින්නේ නෑ.

ගාථා අංක #109

අභිවාදනසීලිස්ස - නිච්චං වුද්ධාපචායිනෝ

චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති - ආයු වණ්ණෝ සුඛං බලං

වැඩිහිටියන්ට වඳින, නිතර ගරු කරන කෙනාගේ කරුණු හතරක් දියුණු වෙනවා. ඒ තමයි ආයුෂ, වර්ණය (ලස්සන), සැපය සහ බලය.

ගාථා අංක #110

යෝ ච වස්සසතං ජීවේ - දුස්සීලෝ අසමාහිතෝ

ඒකාහං ජීවිතං සෙය්‍යෝ - සීලවන්තස්ස ඣායිනෝ

සිල් නැතුව, සිතේ එකඟකමක් නැතුව අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, සිල්වත්ව ධ්‍යාන වැඩූ කෙනාගේ එක දවසක ජීවිතය වටිනවා.

ගාථා අංක #111

යෝ ච වස්සසතං ජීවේ - දුප්පඤ්ඤෝ අසමාහිතෝ

ඒකාහං ජීවිතං සෙය්‍යෝ - පඤ්ඤවන්තස්ස ඣායිනෝ

නුවණ නැතුව, සිතේ එකඟකමක් නැතුව අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, නුවණ ඇතිව ධ්‍යාන වැඩූ කෙනාගේ එක දවසක ජීවිතය වටිනවා.

ගාථා අංක #112

යෝ ච වස්සසතං ජීවේ - කුසීතෝ හීනවීරියෝ

ඒකාහං ජීවිතං සෙය්‍යෝ - විරියමාරභතෝ දළ්හං

කම්මැලිව, වීර්යයක් නැතුව අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, දැඩි වීර්යයෙන් යුතුව වැඩ කරන කෙනාගේ එක දවසක ජීවිතය වටිනවා.

ගාථා අංක #113

යෝ ච වස්සසතං ජීවේ - අපස්සං උදයබ්බයං

ඒකාහං ජීවිතං සෙය්‍යෝ - පස්සතෝ උදයබ්බයං

පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම නොදැක අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, ඒ අනිත්‍ය ස්වභාවය දකින කෙනාගේ එක දවසක ජීවිතය වටිනවා.

ගාථා අංක #114

යෝ ච වස්සසතං ජීවේ - අපස්සං අමතං පදං

ඒකාහං ජීවිතං සෙය්‍යෝ - පස්සතෝ අමතං පදං

නිවන නොදැක අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, නිවන දකින කෙනාගේ එක දවසක ජීවිතය වටිනවා.

ගාථා අංක #115

යෝ ච වස්සසතං ජීවේ - අපස්සං ධම්මමුත්තමං

ඒකාහං ජීවිතං සෙය්‍යෝ - පස්සතෝ ධම්මමුත්තමං

උතුම් ධර්මය නොදැක අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, උතුම් ධර්මය දකින කෙනාගේ එක දවසක ජීවිතය වටිනවා.