ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

තණ්හා වග්ගය

ගාථා අංක #334

මනුජස්ස පමත්තචාරිනෝ - තණ්හා වඩ්ඪති මාලුවා විය

සෝ ප්ලවති හුරා හුරං - ඵලමිච්ඡංව වනස්මි වානරෝ

පමා වෙලා ඉන්න කෙනාගේ තණ්හාව මාලුවා වැලක් වගේ වැඩෙනවා. එයා වඳුරෙක් පලතුරු හොය හොය පනිනවා වගේ ආත්මෙන් ආත්මෙට පනිනවා.

ගාථා අංක #335

යං ඒසා සහතී ජම්මී - තණ්හා ලෝකේ විසත්තිකා

සෝකා තස්ස පවඩ්ඪන්ති - අභිවඩ්ඪංව බීරණං

කාට හරි මේ තණ්හාව ඇති වුනොත්, වැස්සට තණකොළ වැඩෙනවා වගේ එයාගේ ශෝකය වැඩෙනවා.

ගාථා අංක #336

යෝ චේතං සහතී ජම්මිං - තණ්හං ලෝකේ දුරච්චයං

සෝකා තම්හා පපතන්ති - උදබින්දුව පොක්ඛරා

යමෙක් මේ තණ්හාව යටපත් කරගත්තොත්, නෙලුම් කොළෙන් වතුර බේරෙනවා වගේ ශෝකය එයාගෙන් අයින් වෙනවා.

ගාථා අංක #337

තං වෝ වදාමි භද්දං වෝ - යාවන්තෙත්ථ සමාගතා

දුම්මථ තණ්හාය මූලං - උසීරත්ථෝව බීරණං

මම ඔබට යහපත් දෙයක් කියන්නම්. සුවඳ මුල් හොයන කෙනා තණකොළ ගලවනවා වගේ, තණ්හාව මුලින්ම උදුරලා දාන්න.

ගාථා අංක #338

යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ - ඡින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති

ඒවම්පි තණ්හානුසයේ අනූහතේ - නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං

ගහක් කැපුවට මුල තියෙනවා නම් ඒක ආයේ දළු දානවා. ඒ වගේ තණ්හාව මුලින්ම ගැලෙව්වේ නැත්නම් මේ දුක (ඉපදීම) ආයේ ආයේ එනවා.

ගාථා අංක #339

යස්ස ඡත්තිංසතී සෝතා - මනාපස්සවනා භුසා

වාහා වහන්ති දුද්දිට්ඨිං - සංකප්පා රාගනිස්සිතා

තණ්හාවේ පාරවල් 36 ක් තියෙනවා. රාගය පස්සේ යන අයට වැරදි දැක්ම ඇති වෙනවා.

ගාථා අංක #340

සවන්ති සබ්බධී සෝතා - ලතා උප්පජ්ජ තිට්ඨති

තඤ්ච දිස්වා ලතං ජාතං - මූලං පඤ්ඤාය ඡින්දථ

තණ්හාව හැම තැනම ගලනවා. ඒ වැල (ලතාව) දැක්කම නුවණින් ඒකේ මුල කපලා දාන්න.

ගාථා අංක #341

සරිතානි සිනේහිතානි ච - සෝමනස්සානි භවන්ති ජන්තුනෝ

තේ සාතසිතා සුඛේසිනෝ - තේ වේ ජාතිජරූපගා නරා

සැප හොය හොය, ආසාව පස්සේ යන අය ආයේ ආයේ ඉපදෙනවා, ජරාවට පත් වෙනවා.

ගාථා අංක #342

තසිණාය පුරක්ඛිතා පජා - පරිසප්පන්ති සසෝව බාධිතෝ

සංයෝජනසංගසත්තා - දුක්ඛමුපෙන්ති පුනප්පුනං චිරාය

තණ්හාවෙන් වෙලුණ මිනිස්සු, උගුලට අහුවුන හාවෙක් වගේ දඟලනවා. එයාලා ගොඩක් කල් දුක් විඳිනවා.

ගාථා අංක #343

තසිණාය පුරක්ඛිතා පජා - පරිසප්පන්ති සසෝව බාධිතෝ

තස්මා තසිණං විනෝදයේ - භික්ඛු ආකංඛී විරාගමත්තනෝ

ඒ නිසා නිවන කැමති භික්ෂුව තණ්හාව දුරු කරන්න ඕනේ.

ගාථා අංක #344

යෝ නිබ්බනථෝ වනාධිමුත්තෝ - වනමුත්තෝ වනමේව ධාවති

තං පුග්ගලමේව පස්සථ - මුත්තෝ බන්ධනමේව ධාවති

කැලෙන් (ගිහි ගෙයින්) නිදහස් වෙලා, ආයේ කැලේටම දුවන කෙනා දිහා බලන්න. එයා නිදහස් වෙලා ආයේ බැම්මකටම අහුවෙනවා.

ගාථා අංක #345

න තං දළ්හං බන්ධනමාහු ධීරා - යදායසං දාරුජං බබ්බජඤ්ච

සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු - පුත්තේසු දාරේසු ච යා අපේක්ඛා

යකඩ, ලී, තණකොළ වලින් හදපු බැමි හයිය නෑ. ඒත් දරුවෝ, බිරින්දෑවරු, රත්තරන් බඩු ගැන තියෙන ආසාව තමයි හයියම බැම්ම.

ගාථා අංක #346

ඒතං දළ්හං බන්ධනමාහු ධීරා - ඕහාරිනං සිථිලං දුප්පමුඤ්චං

ඒතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති - අනපේක්ඛිනෝ කාමසුඛං පහාය

මේ බැම්ම බුරුල් වගේ පෙනුනට කඩන්න හරි අමාරුයි. නුවණැත්තෝ මේ බැම්ම කපලා දාලා, කාම සැප අතහැරලා මහණ වෙනවා.

ගාථා අංක #347

යේ රාගරත්තානුපතන්ති සෝතං - සයංකතං මක්කටකෝව ජාලං

ඒතම්පි ඡෙත්වාන වජන්ති ධීරා - අනපේක්ඛිනෝ සබ්බදුක්ඛං පහාය

මකුළුවා තමන් හදපු දැලේම පැටලෙනවා වගේ, රාගයෙන් මත් වුන අය තමන්ගේ තණ්හාවෙම පැටලෙනවා. නුවණැත්තෝ ඒක කඩලා යනවා.

ගාථා අංක #348

මුඤ්ච පුරේ මුඤ්ච පච්ඡතෝ - මජ්ඣේ මුඤ්ච භවස්ස පාරගූ

සබ්බත්ථ විමුත්තමානසෝ - න පුන ජාතිජරං උපේහිසි

අතීතය අතහරින්න. අනාගතය අතහරින්න. වර්තමානය අතහරින්න. හැම දෙයක්ම අතහැරියම ආයේ ඉපදීමක් නෑ.

ගාථා අංක #349

විතක්කපමථිතස්ස ජන්තුනෝ - තිබ්බරාගස්ස සුභානුපස්සිනෝ

භිය්‍යෝ තණ්හා පවඩ්ඪති - ඒස ඛෝ දළ්හං කරෝති බන්ධනං

නිතරම කාමය ගැන හිතන, රාගය වැඩි, ලස්සන හොයන කෙනාගේ තණ්හාව වැඩි වෙනවා. එයා බැම්ම තද කරගන්නවා.

ගාථා අංක #350

විතක්කූපසමේ ච යෝ රතෝ - අසුභං භාවයතී සදා සතෝ

ඒස ඛෝ ව්‍යන්තිකාහිති - ඒසච්ඡෙච්ඡති මාරබන්ධනං

සිත සංසුන් කරගන්න කැමති, අසුභය වඩන, සිහියෙන් ඉන්න කෙනා මාර බැම්ම කපලා දානවා.

ගාථා අංක #351

නිට්ඨංගතෝ අසන්තෝසී - වීතතණ්හෝ අනංගණෝ

අච්ඡිද්ද භවසල්ලාලි - අන්තිමෝයං සමුස්සයෝ

නිවනට ගිය, බිය නැති, තණ්හාව නැති කෙනා (සසර) කටු කඩලා දැම්මා. මේ එයාගේ අන්තිම ශරීරය.

ගාථා අංක #352

වීතතණ්හෝ අනාදානෝ - නිරුත්තිපදකෝවිදෝ

අක්ඛරානං සන්නිපාතං - ජඤ්ඤා පුබ්බාපරානි ච

ස වේ අන්තිමසාරීරෝ - මහාපඤ්ඤෝ මහාපුරිසෝති වුච්චති

තණ්හාව නැති, උපාදාන නැති, ධර්මය හොඳින් දන්නා, මහා ප්‍රඥාවන්තයාට තමයි මහා පුරුෂයා කියන්නේ. මේ එයාගේ අන්තිම ශරීරය.

ගාථා අංක #353

සබ්බාභිභූ සබ්බවිදූහමස්මි - සබ්බේසු ධම්මේසු අනූපලිත්තෝ

සබ්බඤ්ජහෝ තණ්හක්ඛයේ විමුත්තෝ - සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං

මම හැම දෙයක්ම දිනුවා. හැම දෙයක්ම දන්නවා. මම කිසි දෙයක ඇලෙන්නේ නෑ. මම තණ්හාව නැති කළා. මම කාට ගුරුවරයා කියන්නද? (මට ගුරුවරයෙක් නෑ).

ගාථා අංක #354

සබ්බදානං ධම්මදානං ජිනාති - සබ්බරසං ධම්මරසෝ ජිනාති

සබ්බරතිං ධම්මරතී ජිනාති - තණ්හක්ඛයෝ සබ්බදුක්ඛං ජිනාති

හැම දානයකටම වඩා ධර්ම දානය උතුම්. හැම රසයකටම වඩා ධර්ම රසය උතුම්. හැම ඇල්මකටම වඩා ධර්මයේ ඇලීම උතුම්. තණ්හාව නැති කිරීම හැම දුකක්ම දිනනවා.

ගාථා අංක #355

හනන්ති භෝගා දුම්මේධං - නෝ ච පාරගවේසිනෝ

භෝගතණ්හාය දුම්මේධෝ - හන්ති අඤ්ඤේව අත්තනං

භෝග සම්පත් නිසා මෝඩයා විනාශ වෙනවා. භෝග තණ්හාව නිසා එයා අනුන්ව විනාශ කරනවා වගේ තමන්වම විනාශ කරගන්නවා.

ගාථා අංක #356

තිණදෝසානි ඛෙත්තානි - රාගදෝසා අයං පජා

තස්මා හි වීතරාගේසු - දින්නං හෝති මහප්ඵලං

කුඹුරුවලට වල් පැල දෝෂයක්. මිනිස්සුන්ට රාගය දෝෂයක්. ඒ නිසා රාගය නැති අයට දෙන දානය මහත් ඵලයි.

ගාථා අංක #357

තිණදෝසානි ඛෙත්තානි - දෝසදෝසා අයං පජා

තස්මා හි වීතදෝසේසු - දින්නං හෝති මහප්ඵලං

මිනිස්සුන්ට ද්වේෂය දෝෂයක්. ඒ නිසා ද්වේෂය නැති අයට දෙන දානය මහත් ඵලයි.

ගාථා අංක #358

තිණදෝසානි ඛෙත්තානි - මෝහදෝසා අයං පජා

තස්මා හි වීතමෝහේසු - දින්නං හෝති මහප්ඵලං

මිනිස්සුන්ට මෝහය දෝෂයක්. ඒ නිසා මෝහය නැති අයට දෙන දානය මහත් ඵලයි.

ගාථා අංක #359

තිණදෝසානි ඛෙත්තානි - ඉච්ඡාදෝසා අයං පජා

තස්මා හි විගතච්ඡේසු - දින්නං හෝති මහප්ඵලං

මිනිස්සුන්ට ආශාව දෝෂයක්. ඒ නිසා ආශාව නැති අයට දෙන දානය මහත් ඵලයි.