ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

යමක වග්ගය

ගාථා අංක #1

මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා

මනසා චේ පදුට්ඨේන - භාසති වා කරෝති වා

තතෝ නං දුක්ඛ මන්වේති - චක්කංව වහතෝ පදං

සිතුවිලි වලට සිත ම මුල් වේ. සිත ම ප්‍රධාන වේ. නරක සිතින් යමක් කිව්වොත් හෝ කළොත්, ගැල යොදපු ගවයාගේ පස්සෙන් එන රෝදය වගේ දුක ඔහු පස්සෙන් එනවා.

ගාථා අංක #2

මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා

මනසා චේ පසන්නේන - භාසති වා කරෝති වා

තතෝ නං සුඛ මන්වේති - ඡායාව අනපායිනී

සිතුවිලි වලට සිත ම මුල් වේ. යහපත් සිතින් යමක් කිව්වොත් හෝ කළොත්, තමා අතහැර නොයන සෙවනැල්ල වගේ සැපය ඔහු පස්සෙන් එනවා.

ගාථා අංක #3

අක්කොච්ඡි මං අවධි මං - අජිනි මං අහාසි මේ

යේ තං උපනය්හන්ති - වේරං තේසං න සම්මති

මට බැන්නා, මට ගැහුවා, මාව පරාජය කළා, මගේ දේ ගත්තා කියලා කවුරු හරි හිත හිත ඉන්නවා නම්, එයාගේ වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ.

ගාථා අංක #4

අක්කොච්ඡි මං අවධි මං - අජිනි මං අහාසි මේ

යේ තං න උපනය්හන්ති - වේරං තේසූපසම්මති

මට බැන්නා, මට ගැහුවා, මාව පරාජය කළා, මගේ දේ ගත්තා කියලා කවුරු හරි හිත හිත ඉන්නේ නැත්නම්, එයාගේ වෛරය සංසිඳෙනවා.

ගාථා අංක #5

න හි වේරේන වේරානි - සම්මන්තීධ කුදාචනං

අවේරේන ච සම්මන්ති - ඒස ධම්මෝ සනන්තනෝ

මේ ලෝකයේ කවදාවත් වෛර කිරීමෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. වෛර නොකිරීමෙන් මයි වෛරය සංසිඳෙන්නේ. මෙය ලෝක ස්වභාවයයි.

ගාථා අංක #6

පරේ ච න විජානන්ති - මයමෙත්ථ යමාමසේ

යේ ච තත්ථ විජානන්ති - තතෝ සම්මන්ති මේධගා

අපි කවදා හරි මැරෙන බව අඥාන අය දන්නේ නැහැ. ඒක දන්න අයගේ කලහ විවාද ඒ හේතුවෙන් ම සංසිඳෙනවා.

ගාථා අංක #7

සුභානුපස්සිං විහරන්තං - ඉන්ද්‍රියේසු අසංවුතං

භෝජනම්හි ච අමත්තඤ්ඤුං - කුසීතං හීනවීරියං

තං වේ පසහති මාරෝ - වාතෝ රුක්ඛංව දුබ්බලං

ශරීරයේ ලස්සන බල බලා, ඉන්ද්‍රිය සංවරයක් නැතුව, කෑමේ පමණ නොදැන, කම්මැලිව ඉන්න කෙනාව, දුර්වල ගසක් හුළඟට ඇද වැටෙනවා වගේ කෙලෙස් මාරයා විසින් යටපත් කරනවා.

ගාථා අංක #8

අසුභානුපස්සිං විහරන්තං - ඉන්ද්‍රියේසු සුසංවුතං

භෝජනම්හි ච මත්තඤ්ඤුං - සද්ධං ආරද්ධවීරියං

තං වේ නප්පසහති මාරෝ - වාතෝ සේලංව පබ්බතං

ශරීරයේ අසුභය බලමින්, ඉන්ද්‍රිය සංවරව, කෑමේ පමණ දැනගෙන, ශ්‍රද්ධාවෙන් හා වීර්යයෙන් ඉන්න කෙනාව, ගල් පර්වතයක් හුළඟට නොසෙලවෙන්නා වගේ කෙලෙස් මාරයාට යටපත් කරන්න බැහැ.

ගාථා අංක #9

අනික්කසාවෝ කාසාවං - යෝ වත්ථං පරිදහෙස්සති

අපේතෝ දමසච්චේන - න සෝ කාසාවමරහති

කෙලෙස් කහට තියෙද්දී, ඉන්ද්‍රිය දමනයක් හෝ සත්‍යවාදී බවක් නැතුව කවුරු හරි සිවුරක් දැරුවාට, ඔහු ඒ සිවුරට සුදුසු වෙන්නේ නැහැ.

ගාථා අංක #10

යෝ ච වන්තකසාවස්ස - සීලේසු සුසමාහිතෝ

උපේතෝ දමසච්චේන - ස වේ කාසාවමරහති

යමෙක් කෙලෙස් කහට බැහැර කරලා, සිල්වත් වෙලා, ඉන්ද්‍රිය දමනයෙන් හා සත්‍යයෙන් යුක්ත ද, ඔහුමයි සිවුරට සුදුසු වෙන්නේ.

ගාථා අංක #11

අසාරේ සාරමතිනෝ - සාරේ චාසාරදස්සිනෝ

තේ සාරං නාධිගච්ඡන්ති - මිච්ඡාසංකප්පගෝචරා

නිසරු දේ සරු හැටියටත්, සරු දේ නිසරු හැටියටත් දකින මිසදිටු අදහස් ඇති අයට කවදාවත් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ.

ගාථා අංක #12

සාරඤ්ච සාරතෝ ඤත්වා - අසාරඤ්ච අසාරතෝ

තේ සාරං අධිගච්ඡන්ති - සම්මාසංකප්පගෝචරා

සරු දේ සරු හැටියටත්, නිසරු දේ නිසරු හැටියටත් දකින යහපත් අදහස් ඇති අයට සත්‍ය අවබෝධ වෙනවා.

ගාථා අංක #13

යථා අගාරං දුච්ඡන්නං - වුට්ඨි සමතිවිජ්ඣති

ඒවං අභාවිතං චිත්තං - රාගෝ සමතිවිජ්ඣති

හරියට සෙවිලි නොකළ ගෙදරකට වැස්ස කාන්දු වෙනවා වගේ, භාවනා කරලා දියුණු නොකළ සිතට රාගය ඇතුල් වෙනවා.

ගාථා අංක #14

යථා අගාරං සුච්ඡන්නං - වුට්ඨි න සමතිවිජ්ඣති

ඒවං සුභාවිතං චිත්තං - රාගෝ න සමතිවිජ්ඣති

හොඳින් සෙවිලි කළ ගෙදරකට වැස්ස කාන්දු නොවන්නා වගේ, භාවනා කරලා දියුණු කළ සිතට රාගය ඇතුල් වෙන්නේ නැහැ.

ගාථා අංක #15

ඉධ සෝචති පෙච්ච සෝචති - පාපකාරී උභයත්ථ සෝචති

සෝ සෝචති සෝ විහඤ්ඤති - දිස්වා කම්මකිලිට්ඨමත්තනෝ

පව්කාරයා තමන් කළ කිලුටු වැඩ දැකලා, මෙලොවදිත් ශෝක වෙනවා, පරලොවදිත් ශෝක වෙනවා. දෙලොවම ශෝක වෙනවා.

ගාථා අංක #16

ඉධ මෝදති පෙච්ච මෝදති - කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති

සෝ මෝදති සෝ පමෝදති - දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ

පින් කළ කෙනා තමන්ගේ පිරිසිදු ක්‍රියා දැකලා, මෙලොවදිත් සතුටු වෙනවා, පරලොවදිත් සතුටු වෙනවා. දෙලොවම සතුටු වෙනවා.

ගාථා අංක #17

ඉධ තප්පති පෙච්ච තප්පති - පාපකාරී උභයත්ථ තප්පති

පාපං මේ කතන්ති තප්පති - භිය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ

පව්කාරයා 'මම පව් කළා' කියලා මෙලොවදිත් තැවෙනවා. පරලොව ගියාම අපායේ ඉපදිලා ඊටත් වඩා තැවෙනවා.

ගාථා අංක #18

ඉධ නන්දති පෙච්ච නන්දති - කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති

පුඤ්ඤං මේ කතන්ති නන්දති - භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ

පින් කළ කෙනා 'මම පින් කළා' කියලා මෙලොවදිත් සතුටු වෙනවා. පරලොව ගියාම සුගතියේ ඉපදිලා ඊටත් වඩා සතුටු වෙනවා.

ගාථා අංක #19

බහුම්පි චේ සංහිතං භාසමානෝ - න තක්කරෝ හෝති නරෝ පමත්තෝ

ගෝපෝව ගාවෝ ගණයං පරේසං - න භාගවා සාමඤ්ඤස්ස හෝති

ප්‍රමාද වූ පුද්ගලයා ධර්මය කොච්චර දේශනා කළත්, ඒ අනුව හැසිරෙන්නේ නැත්නම්, ඔහු අනුන්ගේ හරක් ගණන් කරන එඬේරෙක් වගේ. ඔහුට මහණකමේ ඵල ලැබෙන්නේ නැහැ.

ගාථා අංක #20

අප්පම්පි චේ සංහිතං භාසමානෝ - ධම්මස්ස හෝති අනුධම්මචාරී

රාගඤ්ච දෝසඤ්ච පහාය මෝහං - සම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝ

අනුපාදියානෝ ඉධ වා හුරං වා - ස භාගවා සාමඤ්ඤස්ස හෝති

ටිකක් බණ දන්න කෙනා වුනත්, ධර්මයට අනුව හැසිරෙනවා නම්, රාගය ද්වේෂය මෝහය දුරු කරලා, සිත නිදහස් කරගෙන ඉන්නවා නම්, ඔහු මහණකමේ ඵල ලබනවා.