ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

අංගුලිමාල පිරිත

1

යතෝ හං භගිනි අරියාය ජාතියා ජාතෝ, නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වෝරෝපේතා, තේන සච්චේන සොත්ථි තේ හෝතු සොත්ථි ගබ්භස්ස.

පින්වත් නැගණිය, මම යම් දවසක (රහත් වී) ආර්ය ජාතියේ උපන්නෙම් ද, එතැන් පටන් දැන දැන සතෙක් මැරූ බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා! කුසෙහි සිටින දරුවාට සෙත් වේවා!