බොජ්ඣංග පිරිත
බොජ්ඣංගෝ සති සංඛාතෝ - ධම්මානං විචයෝ තථා විරියම්පීති පස්සද්ධි - බොජ්ඣංගා ච තථාපරේ
සතිය, ධම්ම විචය, වීර්යය, ප්‍රීතිය, පස්සද්ධිය (කය සිත සංසිඳීම) යන සම්බොජ්ඣංග ධර්ම ද...
සමාධුපෙක්ඛා බොජ්ඣංගා - සත්තේතේ සබ්බදස්සිනා මුනිනා සම්මදක්ඛාතා - භාවිතා බහුලීකතා
...සමාධිය සහ උපේක්ෂාව යන මේ බොජ්ඣංග ධර්ම හත, සියල්ල දන්නා මුනිදුන් විසින් මැනවින් දේශනා කරන ලදී. මේවා වැඩි දියුණු කළ යුතුය.
සංවත්තන්ති අභිඤ්ඤාය - නිබ්බානාය ච බෝධියා ඒතේන සච්චවජ්ජේන - සොත්ථි තේ හෝතු සබ්බදා
මේවා විශේෂ නුවණ පිණිසත්, නිවන් පිණිසත් පවතී. මේ සත්‍ය වචනයේ බලයෙන් ඔබට සැමදා සෙත් වේවා!
ඒකස්මිං සමයේ නාථෝ - මොග්ගල්ලානඤ්ච කස්සපං ගිලානේ දුක්ඛිතේ දිස්වා - බොජ්ඣංගේ සත්ත දේසයි
එක් කලෙක බුදුරජාණන් වහන්සේ ගිලන්ව දුක් විඳින මුගලන් තෙරුන්ට සහ මහා කාශ්‍යප තෙරුන්ට මේ ධර්ම හත දේශනා කළ සේක.
තේ ච තං අභිනන්දිත්වා - රෝගා මුච්චිංසු තංඛණේ ඒතේන සච්චවජ්ජේන - සොත්ථි තේ හෝතු සබ්බදා
උන්වහන්සේලා එය සතුටින් පිළිගෙන එම මොහොතේම රෝගයෙන් මිදුණාහ. මේ සත්‍ය වචනයේ බලයෙන් ඔබට සැමදා සෙත් වේවා!
ඒකදා ධම්මරාජාපි - ගෙලඤ්ඤේනාභිපීළිතෝ චුන්දත්ථේරේන තංයේව - භණාපෙත්වාන සාදරං
එක් දිනක් බුදුරජාණන් වහන්සේම ගිලන් වූ සේක. එවිට චුන්ද තෙරුන් ලවා මේ ධර්මයම කියවා සාදරයෙන් අසා...
සම්මෝදිත්වා ච ආබාධා - තම්හා වුට්ඨාසි ඨානසෝ ඒතේන සච්චවජ්ජේන - සොත්ථි තේ හෝතු සබ්බදා
...සතුටට පත්ව එවලේම රෝගයෙන් සුවය ලැබූ සේක. මේ සත්‍ය වචනයේ බලයෙන් ඔබට සැමදා සෙත් වේවා!
පහීණා තේ ච ආබාධා - තිණ්ණන්නම්පි මහේසිනං මග්ගාහතකිලේසාව - පත්තානුප්පත්තිධම්මතං ඒතේන සච්චවජ්ජේන - සොත්ථි තේ හෝතු සබ්බදා
මාර්ග ඥානයෙන් කෙලෙස් නැසුවාක් මෙන්, ඒ මහා ඍෂිවරුන් තිදෙනාගේම රෝග දුරු වී ගියේය. ඒ සත්‍ය බලයෙන් ඔබට සැමදා සෙත් වේවා!