ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

ජය මංගල ගාථා

1

බාහුං සහස්ස මභිනිම්මිත සායුධන්තං - ගිරිමේඛලං උදිතඝෝර සසේනමාරං දානාදි ධම්මවිධිනා ජිතවා මුනින්දෝ - තන්තේජසා භවතු තේ ජයමංගලානි

දහසක් අත් මවාගෙන, ආයුධ දරමින්, ගිරිමේඛලා ඇතා පිට නැගී පැමිණි මාර සේනාව, දානාදී පාරමිතා බලයෙන් මුනිඳුන් ජයගත් සේක. ඒ තේජසින් ඔබට ජය මංගල්‍යයක් වේවා!

2

මාරාතිරේක මභියුජ්ඣිත සබ්බරත්තිං - ඝෝරම්පනාලවකමක්ඛමථද්ධයක්ඛං ඛන්තී සුදන්තවිධිනා ජිතවා මුනින්දෝ - තන්තේජසා භවතු තේ ජයමංගලානි

මාරයාටත් වඩා දරුණු ලෙස මුළු රෑම යුද්ධ කළ, හිතක් පපුවක් නැති ආලවක යක්ෂයා, ඉවසීමෙන් සහ දමනයෙන් මුනිඳුන් ජයගත් සේක. ඒ තේජසින් ඔබට ජය මංගල්‍යයක් වේවා!

3

නාලාගිරිං ගජවරං අතිමත්තභූතං - දාවග්ගිචක්කමසනීව සුදාරුණන්තං මෙත්තම්බුසේකවිධිනා ජිතවා මුනින්දෝ - තන්තේජසා භවතු තේ ජයමංගලානි

ලැව් ගින්නක් මෙන් දරුණු වූ, රා මත් වූ නාලාගිරි ඇතා, මෛත්‍රී ජලය ඉසීමෙන් මුනිඳුන් ජයගත් සේක. ඒ තේජසින් ඔබට ජය මංගල්‍යයක් වේවා!

4

උක්ඛිත්තඛග්ගමතිහත්ථ සුදාරුණන්තං - ධාවන්තියෝජනපථංගුලිමාලවන්තං ඉද්ධීභිසංඛතමනෝ ජිතවා මුනින්දෝ - තන්තේජසා භවතු තේ ජයමංගලානි

කඩුවක් අතින් ගෙන, යොදුන් ගණන් දුවගෙන ආ දරුණු අංගුලිමාල, ඍද්ධි බලයෙන් සහ නුවණින් මුනිඳුන් ජයගත් සේක. ඒ තේජසින් ඔබට ජය මංගල්‍යයක් වේවා!

5

කත්වාන කට්ඨමුදරං ඉව ගබ්භිනියා - චිඤ්චාය දුට්ඨවචනං ජනකායමජ්ඣේ සන්තේන සෝමවිධිනා ජිතවා මුනින්දෝ - තන්තේජසා භවතු තේ ජයමංගලානි

දර මිටියක් බඩේ බැඳගෙන ගැබිනියක් ලෙස බොරු චෝදනා කළ චිංචි මානවිකාව, ශාන්ත ගුණයෙන් මුනිඳුන් ජයගත් සේක. ඒ තේජසින් ඔබට ජය මංගල්‍යයක් වේවා!

6

සච්චං විහාය මතිසච්චකවාදකේතුං - වාදාභිරෝපිතමනං අතිඅන්ධභූතං පඤ්ඤාපදීපජලිතෝ ජිතවා මුනින්දෝ - තන්තේජසා භවතු තේ ජයමංගලානි

සත්‍යය අතහැර වාද කිරීමට පැමිණි, අන්ධ වූ සච්චක පඬිවරයා, ප්‍රඥා ප්‍රදීපය දැල්වීමෙන් මුනිඳුන් ජයගත් සේක. ඒ තේජසින් ඔබට ජය මංගල්‍යයක් වේවා!

7

නන්දෝපනන්දභුජගං විබුධං මහිද්ධිං - පුත්තේන ථේරභුජගේන දමාපයන්චෝ ඉද්ධූපදේශවිධිනා ජිතවා මුනින්දෝ - තන්තේජසා භවතු තේ ජයමංගලානි

මහා බලවත් නන්දෝපනන්ද නාගයා, මුගලන් මහ රහතන් වහන්සේ යවා ඍද්ධි බලයෙන් මුනිඳුන් ජයගත් සේක. ඒ තේජසින් ඔබට ජය මංගල්‍යයක් වේවා!

8

දුග්ගාහදිට්ඨිබුජගේන සුදට්ඨහත්ථං - බ්‍රහ්මං විසුද්ධිජුතිමිද්ධිබකාභිධානං ඤාණාගදේන විධිනා ජිතවා මුනින්දෝ - තන්තේජසා භවතු තේ ජයමංගලානි

මිසදිටු අදහස් නමැති නාගයා විසින් වෙලා ගත් බක බ්‍රහ්මයා, ඥානය නමැති ඖෂධයෙන් මුනිඳුන් ජයගත් සේක. ඒ තේජසින් ඔබට ජය මංගල්‍යයක් වේවා!