මහා මංගල සූත්‍රය
ඒවං මේ සුතං, ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ වැඩ වසන සේක. එකල්හි එක්තරා දෙවියෙක්, රෑ බෝ වූ වෙලාවක මුළු ජේතවනයම ඒකාලෝක කරගෙන බුදුරදුන් වෙත පැමිණියේය.
උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.
පැමිණ, බුදුරජාණන් වහන්සේට වැඳ එකත්පස්ව සිටියේය. එසේ සිටි ඒ දෙවියා බුදුරදුන්ට ගාථාවකින් මෙසේ පැවසුවේය.
බහූ දේවා මනුස්සා ච - මංගලානි අචින්තයුං ආකංඛමානා සොත්ථානං - බ්‍රූහි මංගල මුත්තමං
දියුණුව කැමති බොහෝ දෙවියෝ සහ මිනිස්සු 'මංගල කරුණු' මොනවාදැයි සිතුවා. (නමුත් තීරණයකට එන්න බැරි වුණා). ස්වාමීනි, අපට ඒ උතුම් මංගල කරුණු දේශනා කරන සේක්වා!
අසේවනා ච බාලානං - පණ්ඩිතානඤ්ච සේවනා පූජා ච පූජනීයානං - ඒතං මංගල මුත්තමං
අඥානයන් ඇසුරු නොකිරීමත්, නුවණැත්තන් ඇසුරු කිරීමත්, පිදිය යුත්තන් පිදීමත් යන මෙය උතුම් මංගල කරුණකි.
පතිරූපදේසවාසෝ ච - පුබ්බේ ච කතපුඤ්ඤතා අත්තසම්මාපණිධි ච - ඒතං මංගල මුත්තමං
සුදුසු ප්‍රදේශයක වාසය කිරීමත්, පෙර කළ පින් ඇති බවත්, තමාගේ සිත යහපතෙහි පිහිටුවා ගැනීමත් යන මෙය උතුම් මංගල කරුණකි.
බාහුසච්චඤ්ච සිප්පඤ්ච - විනයෝ ච සුසික්ඛිතෝ සුභාසිතා ච යා වාචා - ඒතං මංගල මුත්තමං
බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවත් (උගත්කම), ශිල්ප දැනීමත්, මනා හික්මීමත් (විනය), යහපත් වචන කතා කිරීමත් යන මෙය උතුම් මංගල කරුණකි.
මාතා පිතු උපට්ඨානං - පුත්තදාරස්ස සංගහෝ අනාකුලා ච කම්මන්තා - ඒතං මංගල මුත්තමං
මව්පියන්ට සැලකීමත්, අඹු දරුවන්ට සංග්‍රහ කිරීමත්, නිරවුල් කර්මාන්ත කිරීමත් යන මෙය උතුම් මංගල කරුණකි.
දානඤ්ච ධම්මචරියා ච - ඤාතකානඤ්ච සංගහෝ අනවජ්ජානි කම්මානි - ඒතං මංගල මුත්තමං
දන් දීමත්, ධර්මයේ හැසිරීමත්, නෑදෑයන්ට සංග්‍රහ කිරීමත්, නිවැරදි වැඩ කිරීමත් යන මෙය උතුම් මංගල කරුණකි.
ආරතී විරතී පාපා - මජ්ජපානා ච සඤ්ඤමෝ අප්පමාදෝ ච ධම්මේසු - ඒතං මංගල මුත්තමං
පව් කිරීමට සිතින් ඈත් වීමත්, කයින් වචනයෙන් වැළකීමත්, මත්පැන් පානයෙන් වැළකීමත්, කුසල් දහම්හි පමා නොවීමත් යන මෙය උතුම් මංගල කරුණකි.
ගාරවෝ ච නිවාතෝ ච - සන්තුට්ඨි ච කතඤ්ඤුතා කාලේන ධම්මසවණං - ඒතං මංගල මුත්තමං
ගරු කළ යුත්තන්ට ගරු කිරීමත්, යටහත් පහත් බවත්, සතුටු වන බවත්, කළගුණ සැලකීමත්, සුදුසු වෙලාවට බණ ඇසීමත් යන මෙය උතුම් මංගල කරුණකි.
ඛන්තී ච සෝවචස්සතා - සමණානඤ්ච දස්සනං කාලේන ධම්මසාකච්ඡා - ඒතං මංගල මුත්තමං
ඉවසීමත්, කීකරු බවත්, ශ්‍රමණයන් වහන්සේලා දැකීමත්, සුදුසු වෙලාවට ධර්ම සාකච්ඡා කිරීමත් යන මෙය උතුම් මංගල කරුණකි.
තපෝ ච බ්‍රහ්මචරියඤ්ච - අරියසච්චාන දස්සනං නිබ්බාන සච්ඡිකිරියා ච - ඒතං මංගල මුත්තමං
ඉන්ද්‍රිය දමනය කිරීමත් (තපස), බ්‍රහ්මචරියාවත්, චතුරාර්ය සත්‍යය දැකීමත්, නිවන් අවබෝධ කරගැනීමත් යන මෙය උතුම් මංගල කරුණකි.
ඵුට්ඨස්ස ලෝකධම්මේහි - චිත්තං යස්ස න කම්පති අසෝකං විරජං ඛේමං - ඒතං මංගල මුත්තමං
අටලෝ දහමින් කම්පා නොවන, ශෝක නැති, කෙලෙස් නැති, බිය නැති සිතක් ඇති කරගැනීම උතුම් මංගල කරුණකි.
ඒතාදිසානි කත්වාන - සබ්බත්ථමපරාජිතා සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති - තං තේසං මංගල මුත්තමන්ති
මෙවැනි මංගල කරුණු සිදු කළ අය, කිසි තැනක පරාජය නොවී, සැම තැනම සුවසේ වෙසෙති. එය ඔවුන්ගේ උතුම් මංගලයයි.