ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

මෝර පිරිත

1

උදේතයං චක්ඛුමා ඒක රාජා - හරිස්ස වණ්ණෝ පඨවිප්පභාසෝ තං තං නමස්සාමි හරිස්ස වණ්ණං පඨවිප්පභාසං - තයජ්ජ ගුත්තා විහරේමු දිවසං

(උදෑසන ආරක්ෂාව) ඇස් ඇති, එකම රජ වූ, රන්වන් පාට ඇති, පොළොව බබළවන මේ හිරු උදා වෙයි. රන්වන් වූ, පොළොව බබළවන ඔබට මම නමස්කාර කරමි. අද දවස ඔබ විසින් රකින ලදුව අපි වෙසෙමු.

2

යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බ ධම්මේ - තේ මේ නමෝ තේ ච මං පාලයන්තු නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා - නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

සියලු දහම් දත් රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා! උන්වහන්සේලා මා රකිත්වා! බුදුවරුන්ට නමස්කාර වේවා! බෝධියට (අවබෝධයට) නමස්කාර වේවා! මිදුණු උතුමන්ට නමස්කාර වේවා! විමුක්තියට නමස්කාර වේවා!

3

ඉමං සෝ පරිත්තං කත්වා - මෝරෝ චරති ඒසනා

ඒ මහා බෝසත් මොනරා මේ පිරිත කියා (ආරක්ෂාව සලසාගෙන) දවල් කාලයේ ආහාර සොයා ගියේය.

4

අපේතයං චක්ඛුමා ඒක රාජා - හරිස්ස වණ්ණෝ පඨවිප්පභාසෝ තං තං නමස්සාමි හරිස්ස වණ්ණං පඨවිප්පභාසං - තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

(රාත්‍රී ආරක්ෂාව) ඇස් ඇති, එකම රජ වූ, රන්වන් පාට ඇති, පොළොව බබළවන මේ හිරු බැස යයි. රන්වන් වූ, පොළොව බබළවන ඔබට මම නමස්කාර කරමි. ඔබ විසින් රකින ලදුව අපි මේ රාත්‍රිය වෙසෙමු.

5

යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බ ධම්මේ - තේ මේ නමෝ තේ ච මං පාලයන්තු නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා - නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

සියලු දහම් දත් රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා! උන්වහන්සේලා මා රකිත්වා! බුදුවරුන්ට නමස්කාර වේවා! බෝධියට (අවබෝධයට) නමස්කාර වේවා! මිදුණු උතුමන්ට නමස්කාර වේවා! විමුක්තියට නමස්කාර වේවා!

6

ඉමං සෝ පරිත්තං කත්වා - මෝරෝ වාසමකප්පයීති

ඒ මහා බෝසත් මොනරා මේ පිරිත කියා (ආරක්ෂාව සලසාගෙන) රාත්‍රී කාලයේ වාසය කළේය.