මෝර පිරිත
උදේතයං චක්ඛුමා ඒකරාජා - හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං - තයජ්ජ ගුත්තා විහරේමු දිවසං
ඇස් ඇති (ලෝකයාට ඇස් වැනි වූ), එකම රජ වූ, රන්වන් පාට ඇති, පොළොව බබළවන මේ හිරු උදා වෙයි. රන්වන් වූ, පොළොව බබළවන ඔබට මම නමස්කාර කරමි. අද දවස ඔබ විසින් රකින ලදුව අපි වෙසෙමු.
යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ - තේ මේ නමෝ තේ ච මං පාලයන්තු නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා - නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
සියලු දහම් දත් රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා! උන්වහන්සේලා මා රකිත්වා! බුදුවරුන්ට නමස්කාර වේවා! බෝධියට (අවබෝධයට) නමස්කාර වේවා! මිදුණු උතුමන්ට නමස්කාර වේවා! විමුක්තියට නමස්කාර වේවා!
ඉමං සෝ පරිත්තං කත්වා - මෝරෝ චරති ඒසනා ඉමං සෝ පරිත්තං කත්වා - මෝරෝ වාසමකප්පයී
ඒ මහා බෝසත් මොනරා මේ පිරිත කියා දවල් කාලයේ ආහාර සොයා ගියේය. (රාත්‍රියේදීද) මේ පිරිත කියා වාසය කළේය.