ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

රතන සූත්‍රය

1

යානීධ භූතානි සමාගතානි - භුම්මානි වා යානිව අන්තලික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තු - අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

මේ පොළොවේ හෝ අහසේ යම් භූත පිරිසක් රැස්ව සිටිත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා! මාගේ දේශනාව ඕනෑකමින් අසත්වා!

2

තස්මා හි භූතා නිසාමේථ සබ්බේ - මෙත්තං කරෝථ මානුසියා පජාය දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං - තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා

එබැවින් සියලු භූතයෙනි, අසව්. මනුෂ්‍ය වර්ගයාට මෛත්‍රී කරව්. ඔවුහු රෑ දවල් දෙකෙහි ඔබට පුද පූජා පවත්වති. එනිසා ඔවුන්ව නොපමාව ආරක්ෂා කරව්.

3

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා - සග්ගේසු වා යං රතනං පණීතං න නෝ සමං අත්ථි තථාගතේන - ඉදම්පි බුද්ධේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු

මෙලොව හෝ පරලොව හෝ යම් වස්තුවක් වෙයි ද, දෙව්ලොව යම් උතුම් රත්නයක් වෙයි ද, ඒ කිසිවක් තථාගතයන් වහන්සේට සමාන නැත. බුදුරජාණන් වහන්සේ තුළ ඇති මේ රත්නය උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!

4

ඛයං විරාගං අමතං පණීතං - යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ න තේන ධම්මේන සමත්ථි කිඤ්චි - ඉදම්පි ධම්මේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ යම් ඒ නිර්වාණයක් අවබෝධ කළ සේක ද, ඒ ධර්මය හා සමාන කිසිවක් නැත. ධර්මය තුළ ඇති මේ රත්නය උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!

5

යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයී සුචිං - සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝ න විජ්ජති - ඉදම්පි ධම්මේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු

බුදුරජාණන් වහන්සේ යම් සමාධියක් වර්ණනා කළ සේක ද, ඒ සමාධියට සමාන වෙනත් කිසිවක් නැත. ධර්මය තුළ ඇති මේ රත්නය උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!

6

යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා - චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා - ඒතේසු දින්නානි මහප්ඵලානි ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

බුදුරදුන් විසින් පසසන ලද ආර්ය පුද්ගලයෝ අට දෙනෙකි. යුගල වශයෙන් හතරකි. ඒ ආර්ය සංඝයා දන් පිළිගැනීමට සුදුසු ය. ඔවුන්ට දෙන දානය මහත් ඵල ය. සංඝයා තුළ ඇති මේ රත්නය උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!

7

යේ සුප්පයුත්තා මනසා දළ්හේන - නික්කාමිනෝ ගෝතමසාසනම්හි තේ පත්තිපත්තා අමතං විගය්හ - ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යම් කෙනෙක් බුදු සසුනෙහි සිත දැඩි කොට, නිකෙලෙස්ව රහත් ඵලයට පැමිණියාහු ද, ඔවුහු නිවන් සුව විඳිති. සංඝයා තුළ ඇති මේ රත්නය උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!

8

යථින්දඛීලෝ පඨවිස්සිතෝ සියා - චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ තථූපමං සප්පුරිසං වදාමි - යෝ අරියසච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

පොළොව යටට බැසගත් ඉන්ද්‍රඛීලයක් සිව් දිගින් හමන සුළඟින් සොලවන්නට බැරි සේ, චතුරාර්ය සත්‍යය අවබෝධ කළ සත්පුරුෂයා ද නොසෙල්වෙයි. සංඝයා තුළ ඇති මේ රත්නය උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!

9

යේ අරියසච්චානි විභාවයන්ති - ගම්භීරපඤ්ඤේන සුදේසිතානි කිඤ්චාපි තේ හොන්ති භුසප්පමත්තා - න තේ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යමෙක් ආර්ය සත්‍යය දනිත් ද, ඔවුන් කොතරම් පමා වුවත් අටවැනි ආත්මයක් (භවයක්) නොගනිති (ඊට පෙර නිවන් දකිති). සංඝයා තුළ ඇති මේ රත්නය උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!

10

සහාවස්ස දස්සනසම්පදාය - තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච - සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි

සෝවාන් වීමත් සමඟම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන නැති වී යයි.

11

චතූහපායේහි ච විප්පමුත්තෝ - ඡ චාභිඨානානි අභබ්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ඔහු සතර අපායෙන් මිදෙයි. ආනන්තරීය පාපකර්ම ආදී දරුණු පව් හයක් කිරීමට නුසුදුසු වෙයි. සංඝයා තුළ ඇති මේ රත්නය උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!

12

කිඤ්චාපි සෝ කම්මං කරෝති පාපකං - කායේන වාචා උද චේතසා වා අභබ්බෝ සෝ තස්ස පටිච්ඡදාය - අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

සෝවාන් වූ කෙනා අතින් වරදක් වුනත් ඔහු එය නොසඟවයි. නිවන් දුටු කෙනාගේ ස්වභාවය එයයි. සංඝයා තුළ ඇති මේ රත්නය උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!

13

වනප්පගුම්බේ යථා ඵුස්සිතග්ගේ - ගිම්හානමාසේ පඨමස්මිං ගිම්හේ තථූපමං ධම්මවරං අදේසයී - නිබ්බානගාමිං පරමහිතාය ඉදම්පි බුද්ධේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ගිම්හාන කාලයේ පිපුණු මල් ඇති වන රොදක් මෙන්, බුදුරජාණන් වහන්සේ නිවන් මග දේශනා කළ සේක. බුදුරදුන් තුළ ඇති මේ රත්නය උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!

14

වරෝ වරඤ්ඤූ වරදෝ වරාහරෝ - අනුත්තරෝ ධම්මවරං අදේසයී ඉදම්පි බුද්ධේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

උතුම් වූ, උතුම් දේ දන්නා, උතුම් දේ දෙන බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මය දේශනා කළ සේක. බුදුරදුන් තුළ ඇති මේ රත්නය උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!

15

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං - විරත්තචිත්තා ආයතිකේ භවස්මිං තේ ඛීණබීජා අවිරූළ්හිඡන්දා - නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

පරණ කර්ම ගෙවී ගොස් ඇත. අලුත් කර්ම රැස් නොවේ. මතු භවයක් ගැන ආසාවක් නැත. බීජ ගෙවී ගිය, නැවත නූපදින රහතන් වහන්සේලා නිවී යති. සංඝයා තුළ ඇති මේ රත්නය උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!