❮
බුද්ධානුස්සති භාවනාව
1
අරහං ගුණය
මගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ සේක. සියලු කෙලෙස් නැසූ සේක. දෙවි මිනිසුන්ගේ පූජාවට සුදුසු වූ සේක. ඒ නිසා 'අරහං' නම් වන සේක.
2
සම්මා සම්බුද්ධ ගුණය
කිසිවෙකුගේ උපදෙස් නැතිව, තමන් වහන්සේම ස්වයංභූ ඥානයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කළ සේක. ඒ නිසා 'සම්මා සම්බුද්ධ' නම් වන සේක.
3
විජ්ජාචරණ සම්පන්න ගුණය
අෂ්ඨ විද්‍යාවෙන් සහ පසළොස් චරණ ධර්මයන්ගෙන් (ශීලයෙන් සහ ප්‍රඥාවෙන්) සම්පූර්ණ වූ සේක. ඒ නිසා 'විජ්ජාචරණ සම්පන්න' නම් වන සේක.
4
සුගත ගුණය
යහපත් ගමන් ඇති සේක. සුන්දර නිවනට වැඩම කළ සේක. යහපත් වචනම කතා කළ සේක. ඒ නිසා 'සුගත' නම් වන සේක.
5
බුද්ධෝ ගුණය
චතුරාර්ය සත්‍යය අවබෝධ කළ සේක. අන් අයටද අවබෝධ කරවූ සේක. ඒ නිසා 'බුද්ධ' නම් වන සේක.